Social Icons

facebookrss feedemailtwitter

Tuesday, November 6, 2018

වීසා නැතිව ඉන්දියාව සහ නේපාලය අතර දුම්රිය ගමනක්

ඉන්දියාව සහ නේපාලය අතර පළමු මගී දුම්රිය ධාවන කටයුතු ලබන දෙසැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජයනගර් ප්‍රදේශය සහ නේපාලයේ ජනක්පූර් ප්‍රදේශය අතර මෙම මගී දුම්රිය ධාවනය වීමට නියමිතයි.
කිලෝමීටර් 34ක දුරින් සමන්විත දුම්රිය මාර්ගයේ දෛනිකව දුම්රිය ගමන්වාර 04ක් පමණ සිදුකිරීමට සැලසුම් කර තිබේ. දේශසීමා හරහා ගමන් කිරීමක් මෙහිදි සිදුවුව ද ඉන්දීය සහ නේපාල ජාතිකයින්ට ඒ සදහා වීසා ලබා ගැනීම අවශ්‍ය නොවන බව ද බලධාරීන් ප්‍රකාශ කර ඇත.