Social Icons

facebookrss feedemailtwitter

Wednesday, November 7, 2018

ඇමරිකානු මැතිවරණය අවසන් අදියරට

ඇමරිකාවේ මධ්‍යකාලීන කොංග්‍රස් මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් අදියරට පැමිණ තිබේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ ඩිමොක්‍රටික් පක්ෂය විසින් මේ වන විටත් වර්ජීනියා හා ෆ්ලෝරීඩා යන ප්‍රාන්ත ජයග්‍රහණය කර ඇති බවයි. මෙම ප්‍රාන්ත දෙක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පාලනයේ තිබූ කලාප බව සඳහන් වේ. ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍ය වාර මැතිවරණයේදී එහිදී එරට මහජන මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435ක් හා සෙනට් මණ්ඩලයේ ආසන සියයෙන් 35ක් සඳහා අලුතින් නියෝජිතයින් තෝරාපත් කර ගැනේ.

ජනපද කිහිපයක ප්‍රධානීන් හා ප්‍රධාන නගරාධිපතිවරුන්, එක්සත් ජනපදයට අයිති විදේශ කලාප භාර අග්‍රාණ්ඩුකාරවරුන් ද මෙම මැතිවරණයේදී තෝරා ගනු ඇත. මහජන මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් මණ්ඩලය අලුතින් පත් කිරීම පිළිබඳව වැඩිපුර අවධානයක් යොමුවේ. මෙය ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය හා ඩිමොක්‍රටික් පක්ෂය අතර පවතින දේශපාලන තරඟයකි.

කෙසේවෙතත් දේශපාලන විචාරකයින් පවසා ඇත්තේ, මෙම මැතිවරණයෙන් අනතුරුව 2020 වර්ෂය වන තුරු වෙනත් මැතිවරණයක් නොපැවැත්වෙන බවයි. ට්‍රම්ප් සම්බන්ධයෙන් වන “ජනමත විචාරණයක්” පමණක් පැවැත් විය හැකි බව විචාරක මතය බවට පත්ව තිබේ.

මෙම කොංග්‍රස් මණ්ඩල මැතිවරණය ඇමරිකානු ඉතිහාසයේ වැඩිම මුදලක් වැය කරමින් පැවත් වන මැතිවරණය බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.