Social Icons

facebookrss feedemailtwitter

Sunday, November 4, 2018

චීන‍ය තවත් බෙයි දෝ ත්‍රී චන්ද්‍රිකාවක් සාර්ථකව කක්ෂගත කරයි

චීන‍ය තවත් බෙයි දෝ ත්‍රී (BeiDou-3) වර්ගයේ චන්ද්‍රිකාවක් සාර්ථකව කක්ෂගත කරයි. එම චන්ද්‍රිකාව කක්ෂගත කෙරුණේ චීනයේ ස්චුවාන් පළාතේ ෂීචංග් චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ මධ්‍යස්ථානයෙනි.
මෙම කක්ෂගත කිරීමත් සමඟ චීනය ස්වදේශීය වශයෙන් වර්ධනය කරන ගෝලීය චන්ද්‍රිකා මග‍ පෙන්වීමේ ක්‍රම‍වේදයේ අවසන් අදියරට සමිප වෙමින් පවතී. ලොන්ග් මාර්ච් ත්‍රී බී (Long March-3B ) ප්‍රවාහක රොකට්ටුව මගින් කක්ෂගත කළ මෙම චන්ද්‍රිකාව දැනටත් කක්ෂයේ පවතින අනෙකුත් බෙයි ‍දෝ ත්‍රී චන්ද්‍රිකා 16 සමග සම්බන්ධ වෙමින් කටයුතු කරනු ඇත. මෙම චන්ද්‍රිකාව ද අනෙකුත් බෙයිදෝ චන්ද්‍රිකා මෙන් පෘතුවියේ සිට කිලෝමීටර් 36,000 ක් ඉහළ අභ්‍යවකාශයේ සිට සිය සේවා සපයනු ඇත.