Social Icons

facebookrss feedemailtwitter

Sunday, November 4, 2018

ට්‍රම්ප් හා චීන ජනපති අතර දුරකතන සංවාදයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා චීන ජනපති ෂී ජින් පිං අතර දුරකතන සංවාදයක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දේශපාලන විචාරකයන් පවසන්නේ අමෙරිකාව හා චීනය අතර ආනයනික භාණ්ඩ සඳහා දැඩි තීරු බදු පනවමින් වෙළෙඳ යුද්ධයක් ක්‍රියාත්මක වන පසුබිමකදී මේ සංවාදය දුරකතන සිදුවීම විශේෂත්වයක් බවයි. එහිදී දෙරටේ වෙළෙඳාම පිළිබඳව නායකයන් දෙපළගේ වැඩි අවධානයක් යොමු වූ බවත් ඊට අමතරව විෂයයන් කිහිපයක් පිළිබඳව ද සාකච්ඡා කළ බවත් සඳහන්ය. එම සංවාදය අතරතුර උතුරු කොරියාව සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. මීට අමතරව ආර්ජන්ටිනාවේ බුවනෝස් ඒයර්ස් නුවරදී පැවැත්වෙන ජී 20 සමුළුවට සමගාමීව චීන ජනපතිවරයා හමුවීමට ද මෙහිදී දින නියම කරගත් බව අමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.