Social Icons

facebookrss feedemailtwitter

Wednesday, November 7, 2018

රුපියල් බිලියන 10.97 ක බැඳුම්කර විදෙස් ආයෝජන ඉවතට

2018 ඔක්තෝබර් 23 වැනි දින සිට ඔක්තෝබර් 31 වැනි දින දක්වා කාලය තුළ දී රජයේ සුරැකුම්පත් ආයෝජන වල විදේශීය හිමිකාරීත්වය රුපියල් බිලියන 10.97 කින් පහළ ගොස් තිබේ.
2018 ඔක්තෝබර් 23 වැනි දින විදෙස් ආයෝජකයින් සතු රජයේ සුරැකුම්පත් වටිනාකම රුපියල් බිලියන 232.1 ක් ලෙසින් සටහන වන අතර, එය 2018 ඔකතෝබර් 31 වැනි දින වන විට රුපියල් බිලියන 221.13 ක් දක්වා පහත වැටී ඇත. මේ අතර 2018 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී රජයේ සුරැකුම්පත් මගින් සිදුකර තිබූ ආයෝජන වලින් රුපියල් බිලියන 100.8 ක ආයෝජන ඉවත් කර ගැනීමට විදෙස් ආයෝජකයින් විසින් කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යා ලේඛනවල මෙම තොරතුරු සටහන් වේ.