Social Icons

facebookrss feedemailtwitter

Wednesday, November 7, 2018

ගත වූ කාලය තුළ සරණාගතයින් 2000ක් මරුට

යුරෝපීය රටවල් වලට ඇතුළු වීම සඳහා මුහුදු මාර්ග ඔස්සේ ගමන් කළ සරණාගතයින් දෙදහසකට අධික පිරිසක් දියේ ගිලීමෙන් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ආයතනය පවසයි.

ජිනීවා නුවර 6 වැනි දින පැවති සමුළුවකදී අදහස් දක්වමින් එම ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ පසුගිය සතියේද පුද්ගලයින් 17 දෙනෙකුගේ මළ සිරුරු ස්පාඤ්ඤ මුහුදු ප්‍රදේශයක තිබී සොයාගත් බවයි. යුරෝපීය රටවල් සඳහා ගමන් කිරීමට බොහෝමයක් සරණාගතයින් මධ්‍යධරණී මුහුද යොදාගන්නා අතර එම මුහුදු මාර්ගයන් ඉතා අවදානම් බව සඳහන් වේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ 2018 වසරේ දී පමණක් සරණාගතයින් හා දේශපාලන රැකවරණය පතන්නන් පමණක් එක්ලක්ෂ පන්දහසක් පමණ යුරෝපීය රටවලට සංක්‍රමණය වී ඇති බවය.