Social Icons

facebookrss feedemailtwitter

Wednesday, October 3, 2018

සෞදි අරාබිය සමග තෙල් මිල පාලනයට ට්‍රම්ප් මැදිහත් වේ

ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 80 දක්වා ඉහළ යාමත් සමඟ මිල පහත හෙළීමට නිෂ්පාදනය කප්පාදු කරන ලෙස ඇමරිකාව නැවතත් ඉල්ලීමක් කර ඇත.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් සෞදි අරාබියේ සල්මාන් කුමරු සමඟ පසුගියදා දුරකථන සංවාදයක ද නිරතවී ඇති බව සඳහන්. ඔපෙක් සංවිධානයේ විශාලතම තෙල් නිෂ්පාදකයා වන්නේ සෞදි අරාබියයි.