Social Icons

facebookrss feedemailtwitter

Wednesday, October 24, 2018

ලොව 7 වැනි ආශ්චර්යය අනාගත පරපුරට චීනය දායාද කරයි

හොංකොං - චුහයි - මැකාවෝ මහ පාලම චීන ජනපතිවරයා විසින් විවෘත කෙරේ. චීනයේ හොංකොං විශේෂ පරිපාලනය, ගුවන් චෞ පළාතේ චුහයි නගරය සහ මැකාවෝ විශේෂ පරිපාලන කලාපය හා සම්බන්ධ කෙරෙන මුහුද මත වසර 15කින් ඉදිවූ මෙම පාලමේ දිග කි‍ලෝමීටර් 55කි.

මෙය චීනයේ ප්‍රදේශ තුනක සහයෝගයෙන් ඉදිකරන ලද ලෝකයේ දිගම අන්තර් සාගර ප්‍රවාහන පහසුකම ලෙසට සැළකේ. එය එකම චීනය ක්‍රම දෙකක් යන රාමුව තුළ ක්‍රියාවට නැංවූ සුන්දර නිර්මාණයකි. හොංකොං විශේෂ පරිපාලන කලාපය, චු හයි සහ මැකාවෝ විශේෂ පරිපාලන කලාපය අතර කළින් තිබූ පැය තුනක ගමන අද විනාඩි 45කින් ළඟා විය හැකිය. එපමණක් නොව, මෙම පාලම සඳහා යොදාගත් අමුද්‍රව්‍ය, තාක්ෂණ, උපකරණ යනාදී ක්ෂේත්‍ර සම්බන්ධ නව නිර්මාණ 400කට වැඩි සංඛ්‍යාවකට පේටන්ට් අයිතිය ද ලැබී තිබේ. දැඩි අසීරුතාවන් අභිබවා ඉදි වූ මෙම පාලම නව ලෝකයේ හත් වැනි ආශ්චර්යය ලෙසට සැළකිය හැකි බව බ්‍රිතාන්‍යයේ Guardian පුවත්පත ද වාර්තා කර ඇත.


මෙම පාලම ඉදි කිරීම ලෝක වාර්තා රැසක් නිර්මාණය කරන්නක් බව ෂී ජින් පිං මහතා පැවසීය. එය චීනය සතු බලය මෙන්ම ස්වයං නිර්මාණශීලිත්ව හැකියාව පිළිබිඹු වූ නිහතමානී ආශ්චර්යකි. චීන ජාතිය ලොව ප්‍රමුඛත්වයට  පිවිසීමේ අභිලාෂය ද ඉන් දක්නට ලැබෙන බව ද හෙතෙම සඳහන් කර තිබේ. මෙම පාලම 24 වැනිදා සිට භාවිතයට ගැනේ.