Social Icons

facebookrss feedemailtwitter

Saturday, October 6, 2018

මත්පැන් භාවිතය නිසා ලංකාවේ වසරකට 23,000ක් අහිමිවේ

ශ්‍රී ලංකාව තුළ මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට 23,000 කට ආසන්න සංඛ්‍යාවක් මියයි. මේ අතර මත්පැන් සඳහා දිනකට රුපියල් මිලියන 247ක් හා බියර් සඳහා දිනකට රුපියල් මිලියන 58 ක් ද වියදම් කරන බව මද්‍යසාර සමාගම් නිකුත් කළ වාර්තාවල දැක්වේ.
පසුගිය 03 වැනි දින සමරන ලද ලෝක මද්‍යසාර නිවාරණ දිනයේදී මෙම තොරතුරු නිකුත් කර තිබේ. මධ්‍යසාර භාවිතය රෝග 60 කට අදාළ වන ප්‍රධානතම හේතු සාධකයක් ලෙස පෙන්වා දේ. එම රෝගීන්ට වාර්ෂිකව ප්‍රතිකාර සඳහා රුපියල් බිලියන 145 ක් පමණ වැයවේ. මෙය රටේ ආර්ථිකයට බරපතල තත්වයකි.