Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 23, 2018

චීන තායිවාන ප්‍රදේශයේ දුම්රිය අනතුරින් 18 ක් මිය යයි

චීන තායිවාන ප්‍රදේශයේ සිදු වු දුම්රිය අනතුරින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙති. අනතුර සිදුවූයේ චීන තායිවානයේ Yilan කෝරළයේදී ය.

පිලී පැනීමෙන් අනතුරට ලක්ව ඇත්තේ Puyuma 6432 නම් සීඝ්‍රගාමී දුම්රියයි. එය සිදුවන විට දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික සංචාරකයෙක් හා චීන තායිවාන ජාතිකයින් 17 දෙනෙකු මිය ගොස් තිබේ. 187 කුට වැඩි පිරිසක් ඉන් තුවාළ ලැබූහ. ඒ අතර සිටි චීන මහ ගොඩබිමේ පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු බරපතල තුවාළ ලබා ඇත. අනෙක් පුද්ගලයා සුළු තුවාල ලබා තිබේ. ගෙවී ගිය වසර 37 තුළ චීන තායිවාන ප්‍රදේශයේ සිදු වූ බරපතලම දුම්රිය අනතුර මෙයයි. මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව පැවසේ.