Social Icons

facebookrss feedemailtwitter

Friday, October 26, 2018

විරාට් කෝලිගෙන් යළිත් අන්තර්ජාතික ක්‍රිකට් වාර්තාවක්

එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ලකුණු 10,000 සීමාව අඩුම තරග ගණනකදී පසු කළ පිතිකරුවා බවට පත්වීමට ඉන්දීය නායක විරාට් කෝලි සමත් වේ.
ඔහු එම සීමාව පසු කළේ, විසාඛාපට්නම්හිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයේදීය. මීට පෙර 2001 වසරේදී අඩුම තරග ගණනකදී ලකුණු 10,000 සීමාව පසු කර තිබූ සචින් ටෙන්දුල්කාර් ඒ සඳහා ඒ වන විට තරග 259 ක් ක්‍රීඩා කර තිබූ අතර, කෝලි ලකුණු 10,000 පසු කළේ, තරග 205කට පමණක් ක්‍රීඩා කරමිනි. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඈෂ්ලි නර්ස් යොමු කළ පන්දුවකට එක් ලකුණක් ලබා ගනිමින් විරාට් කෝලි ලකුණු 10,000 සම්පූර්ණ කළේය. විරාට් කෝලි මෙම ලකුණු සීමාව සම්පූර්ණ කළ ලෝකයේ 13 වෙනි පිතිකරුවා වන අතර 5 වැනි ඉන්දීය පිතිකරුවාය.