Social Icons

facebookrss feedemailtwitter

Friday, October 26, 2018

පලාලි ගුවන්තොට සංවර්ධනය ගුවන් හමුදාවෙන්

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

කාලසටහනක් සහිතව අභ්‍යන්තර වාණිජ මගී ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ යොදාගැනීමට මේ හරහා අපේක්ෂා කරයි. එම සංවර්ධනය කිරීමේ කටයුතු රුපියල් මිලියන 1965ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් කඩිනමින් සිදු කර ගැනීමට ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද ලැබී ඇත.