Social Icons

facebookrss feedemailtwitter

Wednesday, December 5, 2018

අන්තර් - මධ්‍යම බැලැස්ටික මිසයිල ගිවිසුම දින 60 කට පසු තාවකාලිකව අත්හිටුවේ

අන්තර් - මධ්‍යම බැලැස්ටික මිසයිල ගිවිසුම මාස දෙකකට පසුව තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකාව පවසයි.

බ්‍රසල්ස් හී පැවති නේටෝ සංවිධානයේ විදේශ අමාත්‍ය රැස්වීමේදී ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මේ බව ප්‍රකාශ කළේය. රුසියාව අන්තර් - මධ්‍යම බැලැස්ටික මිසයිල ගිවිසුම උල්ලංඝනය කර ඇති බවට ඇමරිකාව චෝදනා කර සිටී. නැවතත් එම ගිවිසුම සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන්නේ නම්, ඇමරිකාව එය අඛණ්ඩව අනුගමනය කරන බව, මයික් පොම්පියෝ මහතා පවසයි.

රුසියාව අංක SSC-8 කෲස් මිසයිල පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එම ගිවිසුම උල්ලංඝනය වූ බවට නේටෝ සංවිධානයේ සාමාජික රටවල් ද පිළිගෙන ඇති බව, එම සංගමයේ මහ ලේකම් ජීන්ස් ස්ටොලන්බර්ග් මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම, 2013 වසරේ සිට අදාළ මිසයිල පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවස්ථා කිහිපයකදී ඇමරිකාව සිය විරෝධය රුසියාවට පළකර තිබේ. එහෙත් රුසියාව ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රුසියානු විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාරියා ෂරපෝවා මහත්මිය කියා සිටියේ, මෙම ගිවිසුමේ කොන්දේසි රුසියාව සෑමවිටම ස්ථීර වශයෙන් අනුගමනය කළ බවයි. ඇමරිකාව එය පැහැදිලිව අවබෝධ කරගෙන සිටින බව ද ඇය ප්‍රකාශ කළාය.