Social Icons

facebookrss feedemailtwitter

Sunday, December 9, 2018

කැනඩාවේ අත්තනෝමතික ක්‍රියාවලිය චීනය හෙළා දකී

චීනයේ ප්‍රකට පෞද්ගලික ව්‍යාපාරිනියක වන Huawei සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී මෙන්ග් වුඅන් චෞ මහත්මිය කැනඩා දේශ භූමියේදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඇමරිකාවේ ඉල්ලීමක් අනුගමනය කිරීමකි. ජගත් ප්‍රජාව ඊට දැඩි අවධානය යොමු කරමින් සිටී. අත්අඩංගුවට ගැනීමේ හේතුව ලෙස දක්වා ඇත්තේ, Huawei සමාගම ඇමරිකාව ඉරානයට එරෙහිව පැනවූ සම්බාධක උල්ලංඝනය කර ඇති බවයි. ඒ පිළිබඳව Huawei සමාගම ප්‍රකාශ කර ඇත්තේ, තම සමාගමේ සේවාවන්ට සම්බන්ධ සියලු රටවල නීති හා පටිපාටියන්ට අනුකූලව ක්‍රියා කර ඇති බවයි. චීන ජනතාවට හිමි නීත්‍යානුකූල අයිතිවාසිකම් කැනඩාව විසින් සිතාමතාම උල්ලංඝනය කිරීමකි. එය මානව හිමිකම් සුරක්ෂිතභාවයටත්, ලෝක සාමයටත්, ස්ථාවර සංවර්ධනයටත් හානියක් වන බව චීනය පවසයි. කැනඩාව මෙන්ග් වුඅන් චෞ මහත්මිය අත්අඩංගුවට ගැනීමෙන් චීන - කැනඩා සබඳතාවට ගැඹුරු මෙන්ම දීර්ඝකාලීන ඍණාත්මක බලපෑමක් සිදුවන බව ද පැවසේ.