Social Icons

facebookrss feedemailtwitter

Sunday, December 9, 2018

ඛනිජ තෙල් නිෂ්පාදනය පිළිබද ඔපෙක් සංවිධානයේ අදහස්

ඛනිජ අපනයනකරුවන්ගේ සංවිධානයේ සාමාජිකයන් (ඔපෙක්) සහ අනෙක් තෙල් නිෂ්පාදනය කරන රටවල නියෝජිතයින් ඔස්ට්‍රියාවේ වියානා නුවරදී හමුවී තෙල් නිෂ්පාදනය කළමනාකරණය කිරීම, අධි සැපයුම සහ ඉල්ලුම අවම කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරිණ.


තෙල් නිෂ්පාදනය කප්පාදු නොකරන ලෙසත්, යුරෝපීය මිණුම් දඩු සහ දැනට පවතින මිල සම්බන්ධයෙන් අවදානය යොමු කරන ලෙසත් ඔපෙක් සංවිධානයේ සාමාජිකයන්ගෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉල්ලා සිටියේය.


මේ අතර, පහල යන බොරතෙල් මිල පාලනය සඳහා බොරතෙල් නිෂ්පාදනය සීමා කිරීමට ඔපෙක් සංවිධානය තීරණය කර තිබේ. කෙසේ වෙතත් එම සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙක් වන රුසියාව මෙතෙක් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැති බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි. කෙසේ වුවත් දිනකට තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 1.3ක් දක්වා අඩු කිරීමට ඔපෙක් මිත්‍ර පාර්ශ්ව එකඟතාවට පැමිණෙනු ඇති. මේ වන විට ලෝක ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් වීමත්, අමෙරිකාවේ නිෂ්පාදනය වැඩි වීමත් නිසා තෙල් අතිරික්තයක් ඇති වනු ඇති බවට පවතින සැකය හේතුවෙන් බොර තෙල් මිල පහත වැටෙමින් පවතියි.

ඔපෙක් සංවිධානයේ වැඩිම ඛනිජ තෙල් ප්‍රමාණයක් නිශ්පාදනය කරන රට වන සෞදි අරාබිය දැනටමත් සිය දෛනික ඛනිජ තෙල් නිශ්පාදනය පාලනය කරමින් තෙල් මිල පහල වැටීම නැවැත්වීමට උත්සාහ කරන බවට ප්‍රකාශ කර තිබේ.


ඒ සඳහා තවත් ප්‍රධානතම ඛනිජතෙල් නිෂ්පාදකයෙකු වන රුසියාවේ ද සහාය ලැබී ඇති බව සඳහන් වේ. මේ අතර ලොව විශාලතම ස්වභාවික ද්‍රව ඉන්ධන නිෂ්පාදකයා වන කටාර් රාජ්‍ය ඔපෙක් සංවිධානයෙන් ඉවත් වන බවට පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව ලබන වසරේ ජනවාරි මාසයේ පටන් ඔවුන් සංවිධානයෙන් වෙන්ව හුදෙකලාවේ තෙල් අපනයනයේ නිරතවීමට නියමිතයි.