Social Icons

facebookrss feedemailtwitter

Sunday, December 9, 2018

ජනපති පොළොන්නරුව දිය මං පාලමේ ඉදිකිරීම් නිරික්ෂණය කරයි

පොළොන්නරුව ගිනිපෙට්ටි පාලමට සමාන්තරව ඉදිකෙරෙන නව දිය මං පාලමේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක්වේ.

පොළොන්නරුව විජයබාපුර ප්‍රදේශයේ පිහිටි මෙම පාලම පරාක්‍රම සමුද්‍රයෙන් ගොවිබිම් වෙත ජලය ගෙන යන එකේ ඇළට අයත් වෙයි. “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ දිගුකාලීන පියවරක් ලෙස මෙම පාලම ඉදිකෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 2500 කි. මෙයින් කුඹුරු අක්කර 18,000 කට ජලය සැපයීමට නියමිතයි.