Social Icons

facebookrss feedemailtwitter

Monday, December 3, 2018

අගමැතිට හා අමාත්‍ය මණ්ඩලයට අතුරු තහනම් නියෝගයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

දීර්ඝ කරුණු විමසීමකින් පසුව මෙම නියෝගය ලබා දී ඇත. ලබන 12 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි වග උත්තරකරුවන් වෙත නොතීසි ද නිකුත් කර තිබේ. මෙම තහනම් නියෝගය නඩු විභාගය අවසන් වනතුරු බල පැවැත්වෙන බව ද නියෝගයේ සඳහන් වේ. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු පෙත්සම ඉදිරිපත් කර තිබිණ.