Social Icons

facebookrss feedemailtwitter

Monday, December 3, 2018

හිටපු අමෙරිකානු ජනාධිපති ජොජ් එච් ඩබ්ලිව් බුෂ් අභව්‍යප්‍රාප්ත වේ

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජොජ් එච් ඩබ්ලිව් බුෂ් මහතා අභාවප්‍රාප්ත වේ. ඇමරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා වූ බුෂ් මහතා 94 වන වියේ පසුවිය.

ඔහු 1924 ජුනි මස 12 වැනි දින ඇමරිකාවේ මිල්ටන් හිදී උපත ලැබූ ඇති අතර, 1989 සිට 1993 දක්වා ඇමරිකාවේ රාජ්‍ය නායකයා ලෙස කටයුත් කළේය. ඇමරිකාවේ 43 වන ජනාධිපතිවරයා වූ ජොජ් ඩබ්ලිව් බුෂ් ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වේ. ඔහුගේ දෙවන පුත්‍රයා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරයෙකි.