Social Icons

facebookrss feedemailtwitter

Monday, December 3, 2018

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අද (03) ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 03 වැනි දින සිට 12 වැනි දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මධ්‍යස්ථාන 4661ක විභාගය පැවැත්වෙන අතර, පාසල් අයඳුම්කරුවන් 422,850 දෙනෙකු විභාගයට පෙනී සිටී. පෞද්ගලික අයඳුම්කරුවන් සංඛ්‍යාව 233,791 කි. රත්මලාන, තංගල්ල, මාතර, හලාවත, කොළඹ සහ මැගසින් බන්ධනාගාරයේ ද විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. මේ කාලය තුළ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම හා වැඩමුළු පැවැත්වීම සපුරා තහනම් බව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කිසියම් ආකාරයකින් මෙම නියෝග කඩ කරන සිදුවීමක් වුවහොත් ළඟම පවතින පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව පැමිණිලි කළ යුතුවේ.