Social Icons

facebookrss feedemailtwitter

Friday, May 25, 2018

වෛරසයක් හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 10ක් දක්වා ඉහළට

දකුණු ඉන්දීයාවේ පැතිර යන නිපා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, තවත් දෙදෙනෙකුගේ තත්වය බරපතළ බව සඳහන්වේ. සත්වයින් මඟින් ව්‍යාප්ත වන මෙම වෛරසය සඳහා මේ වන තෙක් නිෂ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති බව වාර්තා වෙයි. 2001 වසරේ දී සහ 2007 වසරේදී ද ඉන්දියාවෙන් මෙම වෛරස් රෝගය වාර්තා වී තිබිණ. එහිදී පුද්ගලයින් 50 දෙනෙකු පමණ මිය ගියහ. මලයාසියාවේ  සහ සිංගප්පූරුවේ 1999 වසරේදී නිපා වෛරසය පළමුව වාර්තා වී තිබිණ.