Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 29, 2018

ගංවතුරින් පාසැල් පෙළපොත් විනාශ වූ සියලු දරුවන්ට අලුත් පෙළ පොත්

ගංවතුරින් පාසැල් පෙළපොත් විනාශ වූ සියලූ පාසැල් දරුවන්ට නැවතත් පෙළ පොත් ලබාදීමට තමන් උපදෙස් දුන් බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඇතැම් ප්‍රදේශවල සිසු දරුවන්ගේ සියලූ පොත්පත් හානි වූ බව තමන්ට වාර්තා වී ඇති හෙයින් එම ස්ථානවලට ගොස් පොත් පත් අවශ්‍යතා පිළිබඳව නිවැරදි වාර්තාවක් තමන් වෙත ලබා දෙන්නැයි කලාප අධ්‍යක‍ෂවරුන් මගින් දැනුම්වත් කළ බව ද එහිදී  අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.