Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 27, 2018

අපදා තත්ත්වයෙන් පුද්ගලයින් 20 ක් මරුට

දිවයිනේ දිස්ත්‍රික්ක 19 කට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් මේ වන විට පවුල් 40,017 කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ 53,712 දෙනෙකු පීඩාවට පත්ව සිටියි.

ආපදා තත්වය හේතුවෙන් මරණ 20 ක් වාර්තා වන අතර පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. පවුල් 14,265 කට අයත් පුද්ගලයින් 55,553 ක පිරිසක් අවතැන්ව සිටින අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන 265ක රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ අතර පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඊයේ (26) දිනයේ වර්ෂාපනයේ අඩුවක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේය.