Social Icons

facebookrss feedemailtwitter

Monday, May 28, 2018

ඉස්ලාම් අන්තවාදීන් පරාජයට දිගටම සහහාය දෙනවා

ඉස්ලාමීය අන්තවාදීන් පරාජය කිරීම සඳහා සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට දිගටම සහාය පළ කරන බව ඉරානය කියා සිටී. සිරියානු අර්බුදයට ඉරානය අංශ දෙකකින් සම්බන්ධ වී සිටී.

ඒ උපදේශකයන් වශයෙන් සහ සටන් බිමට යන සොල්දාදුවන් ලබා දීම ආදී වශයෙනි. කෙසේ නමුත් මේ වනවිට අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට සිරියානු රජයේ හමුදාවෝ සමත් වී සිටිති. එහෙයින් මින් ඉදිරියට උපදේශකයන් ලෙස සිරියානු රජයට සහාය පළ කරන බව ඉරානය කියයි. ඉරානය වෙනුවෙන් මේ බව කියා සිටියේ එරට හමුදා ප්‍රධානී අලී ෂමිකානිය.