Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 26, 2018

ලොව ප්‍රකෝටිපතිවරුන්ගේ නම් ලයිස්තුවට චීනයේ වැඩි පිරිස

2018 Forbes සඟරාවේ ප්‍රකෝටිපතිවරුන්ගේ නම් ලැයිස්තුව පසුගිය දා නිකුත් කෙරිණ. ලෝකයේ ප්‍රකෝටිපතිවරුන් 2208 දෙනෙකුගේ නම් එහි සඳහන් වී තිබිණ.

ඔවුන්ගේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1කි. ඒ අතරින් ලොව විශාලතම පොත් අලෙවිය සිදුකරන අන්තර්ජාල වෙබ් අඩවිය වන Amazon.com හි හිමිකරු Jeff Bezos එහි පළමු ස්ථානයේ පසුවේ.

ඔහු සතුව ඇති ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 112කි. චීනයේ ප්‍රකෝටිපතිවරුන් 476 දෙනෙක් එම නම් ලැයිස්තුවට ඇතුළත්ව සිටිති. මෙවර එම නාමාවලියට අලුතින්ම එක් වූ ප්‍රකෝටිපතිවරුන් 259 දෙනා අතරට චීන ජාතිකයින් 89 ක් ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.