Social Icons

facebookrss feedemailtwitter

Friday, May 25, 2018

දැඩි උණුසුමින් පුද්ගලයින් 65ක් මරුට - වයස්ගත හා අසනීප අයට දැඩි බලපෑම්

පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් පකිස්ථානයේ කරච්චි නගරයේ පුද්ගලයින් 65 දෙනෙකු මියගොස් තිබේ. මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

සඳුදා දිනයේදී කරච්චි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 44ක් දක්වා ඉහළ ගොස් තිබුණි. උණුසුම් කාලගුණයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ වයස්ගත සහ අසනීප තත්ත්වයෙන් පසුවන පුද්ගලයින්ට බවත් සඳහන් වෙයි. එමෙන්ම රාමදාන් උපවාසයේ නිරත ඉස්ලාම් බැතිමතුන්ටත් ඉන් දැඩි අපහසුතා මතුව තිබේ. එමෙන්ම උණුසුම් කාලගුණයේ බලපෑමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළයා හැකි බවද එරට වාර්තා පෙන්වා දෙයි.