Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 27, 2018

ඊශ්‍රායල් හා පලස්තීන ගැටුම් උත්සන්න වෙයි-පලස්තීනුවන් 60ක් මිය ගොස් 100කට අධික පිරිසක් තුවාලයි

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් මේ දිනවල ජාත්‍යන්තර සිදුවීම් අතර වැඩිම අවධානයක් දිනාගත් සිදුවීමක් බවට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය හා පලස්තීනය අතර දේශසීමාවේ ආරම්භ වූ නවතම විරෝධතා අතරතුර ඊශ්‍රායල් ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 100 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.


කලකට පෙර ඊශ්‍රායලය පිහිටුවීමේදී නෙරපා හරින ලද බව පැවසෙන පලස්තීනුවන් සහ ඔවුන්ගෙන් පැවත එන්නන් ඔවුන් එදා ජීවත් වූ නිජ බිම් බව සලකන ඊශ්‍රායලයේ ප්‍රදේශ වෙත  නැවත යාම සඳහා වන අරගලය පිළිබිඹු කරමින් දේශ සීමාමේ තවදුරටත් විරෝධතා ක්‍රියාත්මකයි. මෙහිදී ඔවුන් මාර්තු මාසයේ සිට දේශ සීමාව ආසන්නේ සති හයක දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එහිදී ඊශ්‍රායල හමුදා සමඟ වරින් වර ගැටුම් ඇති විය. නමුත් පසුගිය දිනවල මෙම ගැටුම් උච්ඡතම තත්ත්වයකට පත් වූ අතර එහිදී ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද දරුණු ප්‍රහාර හමුවේ 60කට ආසන්න පලස්තීන ජාතිකයන් පිරිසක් මිය ගියා.

කෙසේ වෙතත් මෙම විරෝධතා අතරතුරදීත් ඊශ්‍රායල් ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියන් සියයකට අධික පිරිසක් තුවාල ලබා තිබේ. ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර මෙම ගැටුම උත්සන්න කිරීමට බලපෑ තවත් ප්‍රධාන හේතුවක් වන්නේ ඇමෙරිකාව, මෙතෙක් ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර තිබූ ඔවුන්ගේ තානාපති කාර්යාලය ජෙරුසලම වෙත රැගෙන ඒමට පියවර ගැනීමයි. ජෙරුසලමේ තානාපති කාර්යාලය පසුගිය 14 දින විවෘත කෙරුණු අතර මෙය ද පලස්තීන ජාතිකයන් කුපිත කිරීමට ප්‍රධාන හේතුවක් විය. පලස්තීනුවන් දේශසීමාවේ විරෝධතාවල නියැලෙන 9 වැනි සතිය මෙයයි.