Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 29, 2018

මහනුවර නිවාස 546 කින් යුත් මහල් නිවාස යෝජනා ක්‍රමය 29 වැනි දින ඇරඹේ

රජයේ නිලධාරීන්ට සහනදායි ක්‍රමයක් මත නිවාස ලබාදීම සඳහා වත්මන් රජය මඟින් ගෙන යන වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ සේවකයන් වෙනුවෙන් ඉදි කරන නිල සෙවන නිවාස යෝජනා ක්‍රමයේ ආරම්භක අවස්ථාව 29 වැනි දින ඇරඹේ.

මහනුවර දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු රජයේ සේවකයන් වෙනුවෙන් ඉදි කරන මෙම මහල් නිවාස යෝජනාක්‍රමය නිවාස 546 කින් සමන්විතය. නිදන කාමර තුනකින් සහ දෙකකින් යුක්ත වන පරිදි සකස් කළ නිවාස දෙවර්ගයක් මෙහි ඉදි කෙරෙන අතර, අවශ්‍යතාවය මත එම නිවාස රජයේ සේවකයන්ට මිළදී ගැනීමට හැකියාව තිබේ. රජයේ සේවකයන්ට ලැබෙන බැංකු ණය පදනම යටතේ ද මෙම නිවාස ලබා ගැනීමේ පහසුකම් ලැබෙන අතර, 2020 වන විට මෙම නිවාස යෝජනා ක්‍රමයේ සියළු වැඩ අවසන් කිරීමට නියමිතයි. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි මෙවැනි නිවාස ව්‍යාපෘති ඉදිරියේදී ආරම්භ කිරීමට සැළසුම් කර ඇති අතර, මහනුවර ඉදි වන්නේ තුන්වැනි නිල සෙවන ව්‍යාපෘතියයි.