Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 26, 2018

සෙරීනාට ග්රෑන්ඩ් ස්ලෑම්ට නොහිතූ පසුබෑමක්

දරු ප්‍රසූතියෙන් මාස 8කට පසුව නැවත ග්රෑන්ඞ් ස්ලෑම් තරගබිමට පිවිසීමට සූදානම් වූ ඇමෙරිකානු සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස්ට තිබු සිහිනය එහෙම පිටින්ම බොඳ කර දමමින් 2018 ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ දොර ඇයට වසා දැමීමට සංවිධායකයෝ පියවර ගෙන ඇති පුවතක් වාර්තාවේ.

ග්රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා 23ක් අතතැව සිටින මේ විශිෂ්ට ක්‍රීඩිකාවකි. මීට පෙර ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතා තුනක්ම දිනා සිටින සෙරීනා මෙවර තරගාවලියේදී සිවුවැනි කුසලානය දිනාගැනීමට සූදානමින් සිටියාය.

මේ වසරේදිත් තරග සංවිධායකයන් අන්තර්ජාතික ටෙනිස් සංගමයේ ශ්‍රේණිගත කිරීම් පදනම් කරමින් තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙළ ගැස්විමට තීරණය කෙරිණ. එම ශ්‍රේණිගත කිරිම් අනුව සෙරීනාට හිමිවී ඇත්තේ 453 වැනි තැනයි. ඒ වසරක දරු ප්‍රසූතිය වෙනුවෙන් ඇය ක්‍රීඩාවෙන් තාවකාලිකව සමුගැනීමත් සමගයි.