Social Icons

facebookrss feedemailtwitter

Friday, May 25, 2018

න්‍යෂ්ටික පරීක්ෂණ වැඩබිම් වසා දැමීම සම්බන්ධයෙන් වාර්තා කිරීමට විදේශීය මාධ්‍යවේදීන් උතුරු කොරියාවට

න්‍යෂ්ටික පරීක්ෂණ සිදුකරනු ලබන වැඩබිම් වසා දැමීම වාර්තා කිරීම සඳහා ජාත්‍යන්තර මාධ්‍යවේදීන් උතුරු කොරියාවට පැමිණේ.

චීන සහ බටහිර පුවත් ආයතන මගින් මාධ්‍යවේදීන් 25 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. මෙම අවස්ථාව වාර්තා කිරීම සඳහා උතුරු කොරියානු නායකයා අමරිකාවට සහ දකුණු කොරියානු මාධ්‍යවේදීන් වෙත ආරාධනා කළ ද ඔවුන් මෙතෙක් පැමිණ නොමැති බව සඳහන්. කෙසේ වෙතත් දකුණූ කොරියානු මාධ්‍යවේදින් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්වීමට නියමිත බව ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දේ.