Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 27, 2018

ඇමරිකාව සිරියාවට නැවතත් අනතුරු අඟවයි

සටන් විරාමය උල්ලංඝණය කළහොත් ස්ථීර සහ නිසි පියවර ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය සිරියාවට අනතුරු අඟවයි. සිරියාවේ නිරත දිග ප්‍රදේශ කිහිපයකට සටන් විරාම ප්‍රකාශයට පත්කර තිබේ.

සිරියානු රජයේ හමුදා සටන් විරාම ප්‍රකාශයට පත් කර තිබියදී ද යුද මෙහෙයුම් දියත් කරන බවට තොරතුරු ලැබී ඇතැයි ඇමරිකා එක්සත් ජනපදය සඳහන් කරයි.  ඇමරිකා එක්සත් ජනපදය මෙම අනතුරු ඇඟවීම කරමින් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට ද චෝදනා කළේය. සිරියානු අර්බුදය උග්‍ර කරන්නේ ජනාධිපති බෂාර් අල් අසාද් යැයි ඇමරිකාව චෝදනා කරයි.