Social Icons

facebookrss feedemailtwitter

Monday, May 21, 2018

ශැං හැයි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල හමුවක්

ශැං හැයි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල සංස්කෘතික සහයෝගීතා ගිවිසුමෙහි 2018 - 2020 විධායක සැළැස්මට අත්සන් තැබේ.

එම සංවිධානයේ සාමාජික රටවල සංස්කෘතික අමාත්යවරුවන්ගේ 15 වැනි හමුව පසුගිය 16 හා 17 යන දෙදින චීනයේ හැයි නැන් පළාතේ ස් ඇන් යා නගරයේදී පැවැත්විණ. චීනය, ඉන්දියාව, කසකස්ථානය, කිර්ගිස්ථානය, පාකිස්ථානය, රුසියාව, ටජිකිස්ථානය, උස්බෙකිස්ථානය යන ශැං හැයි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල නියෝජිතයෝ එම හමුවේදී එක්ව මෙම සැළැස්ම අත්සන් කළහ.