Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 20, 2018

යල කන්නයේ ලූණු වගා කරන ගොවීන්ගෙන් බීජ ලූණු මිලදී ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය රු.මි. 47.3 ක්

2018 වර්ෂයේ යල කන්නයේ දී ලොකු ලූණු වගා කරන ගොවීන්ට සහන රැසක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී ඔවුන්ට උපදෙස් දෙන ලද්දේ දේශීය අර්තාපල් හා ලූණු වගාකරුවන් ආරක්ෂා කිරීමට අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවයි. ඒ අනුව මෙවර යල කන්නයේ දී ලූණු වගාකරන ගොවීන්ගෙන් බීජ ලූණු මිල දී ගැනීම සඳහා රු. මි. 47.3 ක් වෙන්කර ඇත.

එමෙන්ම ලොකු ලූණු වගා කරන ගොවීන් සඳහා අක්කරයකට බීජ සහනාධාරය වශයෙන් රු. 9,000 ක මුදලකුත්, රු. 40,000 ක මුදලක් අක්කරයක් සඳහා වන රක්ෂණාවරණ වශයෙනුත්, පොහොර සහනාධාරයත් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.