Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 26, 2018

චීන විදේශ ඇමතිවරයා හා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අතර හමුවක් වොෂින්ටනයේදී

චීන විදේශ ඇමතිවරයා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හමු වෙයි. චීන විදේශ ඇමති වං යී මහතා සිය ආර්ජන්ටිනා සංචාරය අවසන් කර චීනය කරා ආපසු එන අතරමගදී වොෂින්ටනයේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo මහතා හමු විය.

දෙරටේ නායකයන්ගේ ක්‍රමෝපායීය මාර්ගෝපදේශ මෙහෙවර ඉටු කරමින් බහුක්ෂේත්‍රවල අන්‍යොන්‍ය යහපත් සහයෝගතා අඛණ්ඩව ව්‍යාප්ත කළ යුතු බව වං යී මහතා එම හමුවේදී පෙන්වා දුන්නේය. එමෙන් ම මතභේද හා ගැටළු නිසියාකාරයෙන් විසඳාගෙන කලාපීය හා අන්තර්ජාතික කටයුතු පිළිබඳ සහයෝගිතා ශක්තිමත් කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. ඇමරිකාව සහ චීනය අතර මතභේද පවතින නමුත් සහයෝගිතා ව්‍යාප්ත කිරීමේ සුවිශාල අවස්ථාවන් ද පවතින බව Mike Pompeo මහතා සඳහන් කළේය.

ඔහු පැවසුවේ තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇමරිකාව එකම චීනය යන ප්‍රතිපත්තියේ නියැළී සිටීමේ ක්‍රියාදාමය වෙනස් නොවන බවයි. මීට අමතරව දෙපාර්ශ්වය කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.ඇමරිකාව සහ උතුරු කොරියාව අධිෂ්ඨානයෙන් යුතුව නිසි අවස්ථාවේ නායක හමුවක් පැවැත්වීම චීනය දිරිගන්වන බව වං යී මහතා ප්‍රකාශ කළේය. එවැනි හමුවක් පැවැත්වීමට වෑයම් දරන චීනයට ස්තුතිය පුද කරන බව ද Mike Pompeo මහතා කියා සිටියේය.