අභ්‍යාවකාශයට සංචාරකයන් රැගෙන යාමේ සිය ව්‍යාපෘතිය යටතේ එක් මගියෙකුගෙන් ඇමරිකානු ඩොලර් දෙලක්ෂයත්, තුන් ලක්ෂයත් අතර මුදලක් අය කිරීමට ජෙෆ් බෙසෝස්ගේ රොකට් සමාගම සැරසේ.
Thursday, July 26, 2018
ට්‍රම්ප් නේටෝ සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර නොගැනීමට තීරණය කරයි
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර ගන්නා බවට එරට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තර්ජනය කර නැතැයි පැවසේ.
මරණ දඬුවමට නියම වූවන්ගේ නම් අධිකරණ අමාත්‍යංශයට
මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සිරකරුවන්ගේ නාම ලේඛනය බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යංශයට භාර දී ඇති බව වාර්තා වේ.
අධ්‍යාපනය නවීකරණයට ලෝක බැංකුවෙන් කෝටි 10 ක්
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීම සඳහා ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 10 ක ණය මුදලක් ලබා දීමට තීරණය කර ඇත.
බ්‍රික්ස් රටවල සහයෝගතාව ලෝක ආර්ථික ස්ථාවරත්වයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දී ඇතැයි චීන ජනපති පවසයි
බ්‍රික්ස් රටවල පොදු සංවර්ධනය ඉටු කිරීම සඳහා රටවල් අතර සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනාධිපතිවරයා පවසයි.
පාකිස්තානයේ ඡන්ද මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් 31 දෙනෙකු මරුට
පාකිස්තාන මහ මැතිවරණය අතරතුර ඡන්ද මධ්‍යස්ථානයක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වේ.
උතුරු කොරියාව රොකට් බිමක් විනාශ කරයි
මිසයිල දියත් කිරීම සඳහා උතුරු කොරියාව භාවිතා කළ රොකට් බිම් විනාශ කිරීම උතුරු කොරියාව විසින් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එන්නත් වංචාවක් නිසා චීන ඖෂධ වෙළෙඳපොළට දැඩි බලපෑමක්
එන්නත් වංචාවක් සම්බන්ධයෙන් චීන පොලිසිය එරට “චැන්ග්ෂෙන් බයෝටෙක්නොලොජි” නම් සමාගමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ග්‍රීසියේ ලැව් ගින්නෙන් 74 මරුට
ග්‍රීසියේ ඇතැන්ස් අගනුවර ආසන්නයේ ඇති වී තිබෙන ලැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 74 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට බලධාරිහු පවසති.
සියවසේ දිර්ඝතම චන්ද්‍ර ග්‍රහණය
සියවසේ දක්නට ලැබෙන දිර්ඝතම චන්ද්‍රග්‍රහණය ලෝක වාසි ජනතාවට ජුලි 27 වැනි දින දර්ශනය වන බවට කුවේට් තාරකා විද්‍යාඥ සහ පර්යේෂක ඇඩෙල් අල් - සාඩූන් ප්‍රකාශ කළ බව කුවේට් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කළේය.
සඳ මතට රැගෙන ගිය අමෙරිකානු කොඩිය වෙන්දේසියට
නීල් ආම්සේට්‍රෝන් සඳ මතට පා තබන අවස්ථාවේ රැගෙන ගිය අමෙරිකානු කොඩිය වෙන්දේසි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
තර්ජනයන්ට කිසිදු බියක් නොමැති බව චීනය පවසයි
ඩොලර් බිලියන 500ක වටිනාකමින් යුත් චීන වෙළඳ භාණ්ඩ කෙරෙහි අතිරේක තීරු බදු පනවනු ඇති බවට ඇමරිකා ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.
උෂ්ණාධික කාලගුණයෙන් ජපානයේ 44ක් මරුට
උෂ්ණාධික කාලගුණය නිසා ජපානයේ 44 දෙනෙකු මියගොස් ඇතිබව පැවසේ. 23 වැනි දිනයේ පමණක් 12 දෙනෙකු මිය ගිය බව වාර්තා විය.
විකිලීක්ස් නිර්මාතෘ බ්‍රිතාන්‍යයට බාරදීමේ සූදානමක්
ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැඳී සිටින විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් බ්‍රිතාන්‍ය රජයට බාරදීමේ සූදානමක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හිටපු ජනාධිපති ඇතුළු 20 දෙනෙකුට නඩු
මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පාකිස්තානයේ හිටපු ජනාධිපති අසීෆ් අල් සර්දාරි සහ ඔහුගේ සොහොයුරිය ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකුට එරෙහිව එරට අධිකරණය මගින් නඩු පවරා තිබේ.
Subscribe to:
Posts (Atom)