ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීම සඳහා ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 10 ක ණය මුදලක් ලබා දීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ පොදු අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය නමින් වන ව්‍යාපෘතියක් සඳහා එම ණය ආධාර ලබාදීමට අදාළ ගිවිසුමට ලෝක බැංකුව නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂිකා අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් මහත්මිය සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා කොළඹ දී අත්සන් තැබුහ. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ හදාරණ සිසුන් සඳහා විෂයධාරා පුළුල් කිරීම, කලා, කළමනාකරණ, විද්‍යා, තාක්ෂණ සහ වෘත්තීය විෂය ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමට නියමිතයි.