Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

ග්‍රීසියේ ලැව් ගින්නෙන් 74 මරුට

ග්‍රීසියේ ඇතැන්ස් අගනුවර ආසන්නයේ ඇති වී තිබෙන ලැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 74 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට බලධාරිහු පවසති.

දෙසීයකට ආසන්න පිරිසක් ලැව් ගිනි හේතුවෙන් තුවාල ලබා ඇතැයි ද මියගිය සහ තුවාල පිරිස් තවදුරටත් වැඩිවිය හැකි යැයි ද ඇතැන්ස් බලධාරිහු කියති. දශයකට පසු ග්‍රීසියට බලපෑ මාරාන්තිකම ලැව් ගින්න මෙයයි.

ලැව් ගිනි හේතුවෙන් තවත් සිය ගණනකට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයි ද සංචාරකයන් නගරවාසීන් ඇතුළු ලැව් ගිනිවලට මැදිව සිටින සියලු දෙනා මුදා ගැනීම සඳහා දැනටමත් මෙහෙයුම් දියත් කර ඇතැයි ද බලධාරීහු සඳහන් කළහ. ලැව් ගිනි ඇති වීමත් සමඟ බොහෝ පිරිස් වෙරළ තීරයට පැමිණ ඇතැයි ද පැවසේ. පැයට කිලෝමීටර් 100කට වඩා වේගයෙන් හමන සුළං නිසා ලැව් ගිනි ඉතා වේගයෙන් පැතිර ගොස් තිබේ. ලැව් ගිනි හේතුවෙන් මෝටර් රථ 300කට ආසන්න සංඛ්‍යාවකට ද ගොඩනැගිලි දහස් ගණනකට ද හානි සිදුව තිබේ.