Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

උතුරු කොරියාව රොකට් බිමක් විනාශ කරයි

මිසයිල දියත් කිරීම සඳහා උතුරු කොරියාව භාවිතා කළ රොකට් බිම් විනාශ කිරීම උතුරු කොරියාව විසින් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා ගත් දර්ශන ඉදිරිපත් කරමින් අමෙරිකානු නිරීක්ෂණ ආයතනයක් මේ බව අනාවරණය කර ඇත. ඒ අනුව උතුරු කොරියාවේ වයඹදිග ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ රොකට් බිමක් මෙලෙස එරට බලධාරීන් විසින් විනාශ කිරීම ආරම්භ කර ඇති  බව සදහන් වේ.

අමෙරිකානු සහ උතුරු කොරියානු නායකයින් අතර පසුගිය ජුනි මාසයේ පැවති ඓතිහාසික හමුවේදී උතුරු කොරියානු නායකයා විසින් මිසයිල අත්හදා බැලීම් සිදුකරන ස්ථානයක් විනාශ කරන බවට පොරොන්දුවක් ලබාදුන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රාම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.