Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

පාකිස්තානයේ ඡන්ද මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් 31 දෙනෙකු මරුට

පාකිස්තාන මහ මැතිවරණය අතරතුර ඡන්ද මධ්‍යස්ථානයක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වේ.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ තවත් දස දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. පාකිස්තානයේ ක්වේටා ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකදී මෙම ප්‍රහාරය සිදුව තිබේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැත.