Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

බ්‍රික්ස් රටවල සහයෝගතාව ලෝක ආර්ථික ස්ථාවරත්වයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දී ඇතැයි චීන ජනපති පවසයි

බ්‍රික්ස් රටවල පොදු සංවර්ධනය ඉටු කිරීම සඳහා රටවල් අතර සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනාධිපතිවරයා පවසයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දකුණු අප්‍රිකාවේ Johannesburg නගරයේ පැවති බ්‍රික්ස් රටවල කර්මාන්ත හා වාණිජ සාකච්ඡාවට එක්වෙමින්  මේ බව සඳහන් කළේය. බ්‍රික්ස් ක්‍රමවේදය ස්ථාපිත කිරීමෙන් පසු පළමු වසර 10 තුළ බ්‍රික්ස් රටවල සහයෝගතාව ලෝක ආර්ථික ස්ථාවරත්වය හා පුනරුත්ථාපනය සහ නැවත වර්ධනය වෙනුවෙන් කැපී පෙනෙන කාර්යභාර ඉටු කොට තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.