Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

ඩොලරයට සාපේක්ෂව ආසියානු මුදල් ඒකක දුර්වල වෙයි

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියල වාර්තා ගත ලෙස පහළ ගියේය.


ඒ අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියල 69.13ක් ලෙස වාර්තා වූ අතර චීනයේ මුදල් ඒකකය වන යුවාන් ද ඩොලරයට සාපේක්ෂව දුර්වල විය. චීන කොටස් වෙළෙඳපොළ තුළ ඇති වූ තත්ත්වය ඊට හේතුවිය. 

ඉන්දීය රුපියල තවදුරටත් පහත වැටෙනු ඇතැයි ද මහ බැංකුව ඊට මැදිහත් වීමේ අවදානමක් ඇතැයි ද වෙළෙන්ඳෝ බිය පළ කරති. පසුගියදා ඉන්දීය රුපියල ඩොලරයට සාපේක්ෂව 69.11/12ත් අතර අගයක් ගෙන තිබිණ. ඉන්දීය රුපියල මීට පෙර ජූනි 28 වැනිදා ඉතිහාසයේ වාර්තා කළ පහළම අගය වාර්තා කළේය. එහිදි ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 69.09ක් දක්වා පහළ ගියේය.