Social Icons

facebookrss feedemailtwitter

Friday, May 4, 2018

උතුරු ඉන්දියාවේ දුවිලි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 100 කට අධිකයි

උතුරු ඉන්දියාවේ රාජස්ථාන් හා උත්තර් ප්‍රදේශ් හරහා හමා ගිය ප්‍රචණ්ඩ දූවිලි කුණාටුවක් හේතුවෙන් 100 දෙනකුට අධික සංඛ්‍යාවක් මියගොස් ඇතැයි වාර්තා වේ. විදුලි කණු, ගොඩනැගිලි හා ගස් කඩාවැටීම හේතුවෙන් බොහෝ පිරිසක් මියගොස් ඇති අතර මෙය රාත්‍රී කාලයේ සිදුවීම නිසා අනතුරුදායක තත්ත්වය වැඩි වී ඇති බව බලධාරීහු පවසති.

ග්‍රීෂ්ම සෘතුවේ මෙම ප්‍රදේශ වල දැඩි උණුසුම් කාළගුණික තත්ත්වයක් පවතින අතර සාමාන්‍යයෙන් දූවිලි කුණාටු පැවතිය ද මෙතරම් මරණ සංඛ්‍යාවක් මීට පෙර වාර්තා නොවූ බව බලධාරීහු පවසති.