Social Icons

facebookrss feedemailtwitter

Monday, December 3, 2018

ඉදිරි මැතිවරණ විද්‍යුත් ඡන්ද ක්‍රමයට

ඉදිරි මැතිවරණ තුළදී විද්‍යුත් ඡන්ද ක්‍රමය හදුන්වාදීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

දියුණු රටවල මෙන් ඉදිරියේ දී ලංකාවේ ඡන්ද මධ්‍යස්ථාන තුළ විද්‍යුත් ක්‍රමයට ජනතා ඡන්දය භාවිත කළ හැකි පරිදි සැලසුම් කරන බව ඔහු වැඩි දුරටත් කියා සිටී. 2019 වසරේ සිට සෑම වසරකම ජනවාරි 31 වැනි දින ප්‍රචණ්ඩත්වය පිටු දැකීමේ දිනය ලෙස නම් කර සියලූ‍ පාසල්වල එම දිනය සැමරීමට කටයුතු කරන බව ද සදහන් කර ඇත. ඒ මහතා මේ බව පැවැසුවේ ඡන්ද හිමියන්ගේ දිනය නිමිත්තෙන් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය විසින් පවත්වන විශේෂ අවස්ථාවකට එක් වෙමින්ය.