Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 12, 2018

ශ්‍රි ලංකා ක්‍රිකට් නිලවරණය මැයි 31

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය, විශේෂ මහා සභාවකින් පත්කර ගත් නිලවර්ණ කමිටුව හමුවේ මැයි 31 වැනිදා පැවැත්විමට ක්‍රීඩා ආමත්‍යංශය විසින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දි තිබෙනවා.

නීතිපතිගේ උපදෙස් අනුව, 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ (සංශෝධිත) 39 (1) වගන්තිය අනුව ක්‍රීඩා ඇමති විසින් මෙම නියෝගය කර ඇති බවයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ජාතික ක්‍රීඩා සංගමයක් ප්‍රජත්‍රන්ත්‍රවාදීව පත් කර ගන්නා නිලධාරී මණ්ඩලයකින් පාලනයවිමේ අවශ්‍යතාව අනුව ක්‍රිඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් මෙම තිරණය ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලවරණය මැයි මස 19 වන දින පැවැත්වීමට නියමිතව තිබිණ. ක්‍රීඩා අමාත්‍ය, ෆයිසර් මුස්තාෆා ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන අනුව නිලවරණය පැවැත්විමේ දිනය කල් දැමීමට නියෝග කර ඇති අතර නව දිනය ලෙස මේ මස 31 වැනිදා ලාබදි ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.