Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 2, 2018

රිච්ටර් මාපකයේ ඒකක 5.1 ප්‍රබල භූ කම්පනයක්

තායිවානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද (02) අළුයම සිදුවූ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක  5යි දශම 01ක ප්‍රබලත්වයක් සටහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හුවාලියන් නගරයේ සිට කිලෝමීටර් 77 ක දුරකින් අදාළ භූ කම්පනය සිදුව ඇති බව සඳහන්වේ. කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදු වූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නොමැත. මේ අතර පසුගිය පෙබරවාරි මාසයේදී තායිවානයේ සිදූවූ භූ කම්පනයකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.