Social Icons

facebookrss feedemailtwitter

Saturday, November 10, 2018

ආර්ථිකයට වාසි ගෙනෙන සංචාරක කර්මාන්තයේ වර්ධනයක්

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බව, සංචාරක අමාත්‍යාංශය පවසයි.

පසුගිය සැපැත්ම්බර් මස සංචාරකයින් එක් ලක්ෂ හතළිස් නවදහසකට අධික පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 2.8ක වර්ධනයකි. ගත වූ මාස 9 ඇතුළත සංචාරකයින් දාහත් ලක්ෂ තිස් එක් දහසකට අධික පිරිසක් පැමිණ තිබේ. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 11.6ක වර්ධනයක් පෙන්නුම් කරන බව සංචාරක අමාත්‍යාංශය පවසයි. ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය වැනි රට වලින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත. පසුගිය වසරේ සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.9ක් මෙරට ආර්ථිකයට දායක වී ඇති වී තිබේ.