Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 6, 2018

ඇමරිකාව ගිවිසුමෙන් ඉවත් වන්නේ නම් සහය ඉරානයට - රුසියාව පවසයි

ඉරානය සමඟ ඇතිකරගත් න්‍යෂ්ටික එකඟතාවෙන් ඇමරිකාව ඉවත් වුවහොත් තමන් ඉරානයට පැවති තත්ත්වයට වඩා සහාය දක්වන බව රුසියාව අවධාරණය කරයි.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, චීනය සහ රුසියාව එක්වී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇතිකරගත් එකඟතාවෙන් ලබන 12 වැනි දින වන විට ඇමරිකාව ඉවත් කරගන්නවා බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ඒ පවතින එකඟතාවයන් සංශෝධනය කළ යුතු බව පෙන්වමිනි. ට්‍රම්ප්ගේ මෙම තීරණයට රුසියාව පමණක් නොව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, චීනය පවා මේ වන විට විරෝධය දක්වා ඇත. ඇමරිකාව එකඟතාවයෙන් ඉවත් වුවහොත් තමන් ද එය නොසළකා හරින බව ඉරානය පවසා ඇත. ඉරානය තනි තීරණයකට යෑම න්‍යෂ්ටික කටයුතු සිදු කිරීම අතින් ලොවට ඉමහත් තර්ජනයක් විය හැකිය. ඔවුන්ගේ එම කටයුතු සීමාවී පවතින්නේ මෙම එකඟතාවන් හරහාය.

ඇමරිකාව එයින් ඉවත් වුවහොත් ඉරානයට යළි සම්බාධක පැනැවීම් සිදුවිය හැකිය. එවැනි තත්ත්වයක් උදා වුවහොත්, තමන් ඉරානයට වැඩි වශයෙන් සහාය දක්වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.