Social Icons

facebookrss feedemailtwitter

Thursday, October 4, 2018

2024 යුරෝපා පාපන්දු කුසලානයේ සත්කාරකත්වය ජර්මනියට

2024 වසරේ යුරෝපා පාපන්දු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ජර්මනියට හිමිව ඇත. ඒ යුරෝපා පාපන්දු සම්මේලනයේ විධායක සභාව තුළ පැවැති ඡන්ද විමසීමකින් අනතුරුවයි.

ලබන වසරේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,376 ක් වේ

2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,376 ක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

කොළඹ – කටුනායක අධිවේගයේ පිවිසුමක් 4 වැනිදා සිට තාවකාලිකව වැසේ

නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා පෑලියගොඩ වටරවුම අසලින් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීම සඳහා භාවිත කරන පිවිසුම් මාර්ගය 04 සිට 20 වැනි දින දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

ඉදිරියේදී ඉරානයට තේ අපනයනය ඇණ හිටී…..විසඳුම් සොයන්න උපදෙස්

අමෙරිකා එක්සත් ජනපදය පනවා තිබෙන සම්බාදක ක්‍රියාත්මක විමත් සමඟම ඉරානයට තේ අපනයන කිරීමට නොහැකි වීමෙන් උද්ගත වන ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් සෙවීම සඳහා අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දේ.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල හෙට (05)

2018 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තොම්බර් මස 05 වැනි දින නිකුත් කරන බව විභාග දෙපාර්තුමේන්තුව සදහන් කරයි.

Wednesday, October 3, 2018

ඉන්දුනීසියාවට තවත් භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ දකුණු දිග ප්‍රදේශයේ පිහිටි ෆ්ලෝස් දූපතේ රිච්ටර් පරිමාන ඒකක 6.2ක  භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාලදිවයින් හිටපු ජනපති ඇප මත නිදහස්

මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම් ඇප මත නිදහස් කර තිබේ. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය පෙබරවාරි මාසයේ දී ය.

සෞදි අරාබිය සමග තෙල් මිල පාලනයට ට්‍රම්ප් මැදිහත් වේ

ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 80 දක්වා ඉහළ යාමත් සමඟ මිල පහත හෙළීමට නිෂ්පාදනය කප්පාදු කරන ලෙස ඇමරිකාව නැවතත් ඉල්ලීමක් කර ඇත.

EPF - ETF මුදල් ආයෝජනය කිරීමට අමාත්‍යංශයේ අවධානය

සේවක අර්ථ සාධක අරමුදල සේවා නියුක්තිකයන්ගේ භාර කාර අරමුදල වැඩි කර ගැනිමට එම මුදල් ප්‍රතිලාභින් වෙනුවෙන් අයෝජනය කිරිම කෙරෙහි තම ආමාත්‍යංශයේ අවදානය යොමු වි ඇති බව කම්කරු හා වෘත්තිය සමිති සබදතා අමාත්‍යය රවින්ද්‍ර සමරවික්‍රම මහතා පවසයි.

මන්ත්‍රී වාහන ගෙන්වීම වසරකට තහනම්

රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයන බලපත්‍ර ලබා දීම වසරක කාලයක් සඳහා අත්හිටුවා ඇත.

යාන්ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි ජනතාවට වන්දි

යාන්ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වූ ජනතාව සඳහා වන්දි පිරිනැමීම සිදු කෙරිණ.

ඇමරිකාවත් කැනඩාවත් අතර ඩොලර් ට්‍රිලියනයක නව වෙළඳ ගිවිසුමක්

ඇමරිකාව සහ කැනඩාව නව වෙළඳ ගිවිසුමකට එළඹ තිබේ. උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම ලෙස නම් කර ඇති එය සඳහා අවසන් මොහොතේ එකඟතාවයකට පැමිණිමට හැකි වී ඇති බව ද වාර්තා වේ.

ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් පාසල්වල ඉදි කරනවා - අගමැති

සියලු පහසුකම් සහිත ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් රට පුරා පාසල් 500ක් තෝරාගෙන ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දිවයිනේ සෑම පාසලකටම දුර්ලභ පලතුරු උද්‍යාන

දිවයිනේ සෑම පාසලක්ම, විහාරස්ථාන හා ආගමික සිද්ධස්ථාන ආශ්‍රීතව දුර්ලභ පලතුරු උද්‍යාන පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කරයි.

ජපානයට බලපෑ සුළි කුණාටුවකින් 2ක් මරුට 120ක් තුවාල

ජපානයට බලපෑ සුළි කුණාටුවක් හේතුවෙන් දෙදෙනකු මියගොස් 120දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

වෛද්‍ය විද්‍යාවට පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකාවට හා ජපානයට

මේ වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ඇමෙරිකා සහ ජපාන මහාචාර්යවරු දෙදෙනෙකු සමත්වේ. 

තුන් ඉරියව්වෙන්ම ලෝකයේ දක්ෂයා රෂීඩ් ඛාන්

ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් වලට අනුව එහි තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමි කර ගැනීමට ඇෆ්ඝනිස්ථානයේ රෂීඩ් ඛාන් සමත්ව ඇත.

තවත් පළාත් සභා තුනක නිල කාලය අවසන් වීමට නියමියි

වයඹ, මධ්‍යම සහ උතුරු යන පළාත් සභා තුනෙහි නිල කාලය අවසන් වීමට නියමිත බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300 ක්

නව කැලණි පාලම හා ගෝල්ෆේස් අතර ඉදි වන කිලෝමීටර 5.3 ක දිගින් සමන්විත මාර්ගය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කරයි.

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් කෝටි 6450 ක්

ග්‍රාමීය  සංවර්ධනය සදහා රජය රුපියල් කෝටි 6450 කට අධික මුදලක් ලබා දී ඇතැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යාංශය පවසයි.