Social Icons

facebookrss feedemailtwitter

Wednesday, October 3, 2018

EPF - ETF මුදල් ආයෝජනය කිරීමට අමාත්‍යංශයේ අවධානය

සේවක අර්ථ සාධක අරමුදල සේවා නියුක්තිකයන්ගේ භාර කාර අරමුදල වැඩි කර ගැනිමට එම මුදල් ප්‍රතිලාභින් වෙනුවෙන් අයෝජනය කිරිම කෙරෙහි තම ආමාත්‍යංශයේ අවදානය යොමු වි ඇති බව කම්කරු හා වෘත්තිය සමිති සබදතා අමාත්‍යය රවින්ද්‍ර සමරවික්‍රම මහතා පවසයි.
දැනට සේවක අර්ථසාධක මුදල රුපියල් ට්‍රිලියන 2 ක් සහ සේවා නියුක්තිකයන්ගේ භාර කාර අරමුදලේ රුපියල් මිලියන 285ක මුදලක් ඇති බවයි. එම මුදල ඉදිරි වසර 25 තුළ තවත් වැඩි කරගත යුතුයි. සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් ආයෝජනය නොකරන්නේ ශ්‍රි ලංකාව පමණි. එම මුදල් ආයෝජනය කිරිම සම්බන්ධයෙන් දැනටමත් යොජනා කිහිපයක් ඉදිරිපත් වී තිබේ. ඉදිරියේදී ඒ සදහා කටයුතු කරන බව අමාත්‍යය රවින්ද්‍ර සමරවික්‍රම මහතා කියා සිටියේය.