Social Icons

facebookrss feedemailtwitter

Wednesday, October 3, 2018

වෛද්‍ය විද්‍යාවට පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකාවට හා ජපානයට

මේ වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ඇමෙරිකා සහ ජපාන මහාචාර්යවරු දෙදෙනෙකු සමත්වේ. 
පිළිකා ප්‍රතිකාර සදහා සිදු කරන ලද විප්ලවීය වෙනස වෙනුවෙන් ඔවුහු දෙදෙනා මෙලෙස සම්මානයට ප්‍රාත්‍ර වූහ.  ඇමෙරිකා එක්සත් ජනපදයේ මහාචාර්ය ජේම්ස් පී. ඇලිසන් සහ ජපානයේ මහාචාර්ය ටසුකු හොන්ජෝ “සෘණාත්මක ප්‍රතිශක්තීකරණ නියාමනයේ සිදුවන නිෂේධනය සඳහා වන පිළිකා ප්‍රතිකාර (චිකිත්සාව)” වෙනුවෙන් මෙලෙස වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූහ.  ඇලිසන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි. හොන්ජෝ ජපානයේ කියොතෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්වරයෙකි. මොවුහු දෙදෙනා 2014 වසරේදී ඔවුන්ගේ පර්යේෂණය සඳහා ‘ටැන්ග්’ සම්මානයෙන් ද පිදුම් ලැබූහ. ‘ටැන්ග්’ සම්මානය නොබෙල් ත්‍යාගයේ ආසියානු සංස්කරණය යනුවෙන් හැඳින්වේ. නොබෙල් පදක්කමට අමතරව ස්වීඩන ක්‍රොනෝර් මිලියන නවයක මුදලක් පිරිනැමෙන අතර එය එක්සත් ජනපද ඩොලර් මිලියන 1.01කට සමානය. එම ත්‍යාග මුදල ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් විශේෂඥයන් වන මහාචාර්ය ඇලිසන් හා මහාචාර්ය හොන්ජෝ අතර සම සමව බෙදී යනු ඇති.