Social Icons

facebookrss feedemailtwitter

Wednesday, October 3, 2018

ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් පාසල්වල ඉදි කරනවා - අගමැති

සියලු පහසුකම් සහිත ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් රට පුරා පාසල් 500ක් තෝරාගෙන ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ආරම්භක අවස්ථාවට එක්වෙමිනි. ඉදිරි වසර තුන ඇතුළත මෙම ක්‍රීඩා මධ්‍යස්ථාන ලබාදෙන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා අවට පාසල්වලට ද එම ක්‍රීඩා මධ්‍යස්ථානයට ගොස් පුහුණු වීමට අවස්ථාව සලසා දෙන බව ද පැවසීය. ජාත්‍යන්තර තරඟකරුවන් බිහි කිරීමේ පළමු පියවර වශයෙන් මෙම ක්‍රීඩා මධ්‍යස්ථාන ඇරඹීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරුණු 34 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල 5 වැනි දින දක්වා පැවැත්වේ.